Wednesday, September 17, 2014

ෆිල්ම් වල සිංහල subtitle දාලා TV එකේ බලන විදිය.


අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන්  සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි.


එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම්  සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි.

ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. 



 ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න.

මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටි මෙන්න මේ වීඩියෝවේ තියනවා.



0 comments:

Post a Comment